අගෝස්තු 04 වන දින සුබ අස්න – ශු. මතෙව් 15: 1 -2 , 10 -14

1 එකල ජෙරුසලමෙන් පරිසිවරු ද විනයධරයෝ ද ජේසුස් වහන්සේ වෙත අවුත් 2 ”ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදායයන් කඩ කරන්නේ මන් ද? ඔව්හු අත් නොසෝදා ආහාර අනුභව කරති”යි කී හ. 10 උන් වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කතා කොට, ”ඔබ සවන් දී හොඳින් තේරුම්ගන්න. 11 මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය”යි වදාළ සේක. 12 එවිට ශ්‍රාවකයෝ අවුත්, ”ඔබගේ ඒ කීම අසා, පරිසිවරුන් තදින් අමනාප වූ බව ඔබ වහන්සේ දන්නා සේක් දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. 13 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් රෝපණය නොකරන ලද සියලු පැළෑටි උදුරා දමනු ලබන්නේ ය. 14 පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක.