35 ජේසුස් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනා කරමින්, ”ක්රිස්තුන් වහන්සේ දාවිත්ගේ පුත්රයා යයි විනයධරයෝ කෙසේ කියත් ද? 36 දාවිත් ම ශුද්ධාත්මානුභාවයෙන් කතා කරමින්:
‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි
කී ය. 37 දාවිත් උන් වහන්සේට ‘සමිඳුන්’ කියා අමතයි. එසේ නම්, උන් වහන්සේ ඔහුගේ පුත්රයා වන්නේ කෙසේ දැ”යි ඇසූ සේක. මහා ජනකායක් උන් වහන්සේට සතුටින් සවන් දුන්හ.
![](https://www.jesus-can-change.com/wp-content/uploads/2020/06/5th-June-site-1.jpg)