27 ජේසුස් වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් මොරගසමින්, ”දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව” කියමින් උන් වහන්සේ පසුපස ගියහ. 28 උන් වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන් වහන්සේ වෙත ආහ. ”මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නහු දැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”එසේය, ස්වාමීනි”යි ඔව්හු කී හ. 29 එවිට උන් වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කොට, ”ඔබ විශ්වාස කළ ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. 30 ඔවුන්ගේ ඇස් පෑදිණි. ”කිසිවෙකුට මෙපවත් නොකියන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක. 31 එහෙත්, ඔව්හු නික්ම ගොස් උන් වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතළ කළහ.
![](https://www.jesus-can-change.com/wp-content/uploads/2020/12/4th-Dec.jpg)