ඔක්තෝම්බර් 11 වන දින සුබ අස්න –  ශු. ලූක් 11: 37 – 41

37 උන් වහන්සේගේ දේශනාවෙන් පසු එක් පරිසිවරයෙක් තමා සමඟ කෑමට වඩින මෙ‍න් උන් වහන්සේට ආරාධනා කෙළේ ය. උන් වහන්සේ ඇතුළු ව කෑමට වැඩහුන් සේක. 38 කෑම කන්නට පළමු ව උන් වහන්සේ අත් සේදීමේ පිළිවෙත ඉටු නොකළ බැව් දුටු පරිසිවරයා පුදුම විය. 39 සමිඳාණන් වහන්සේ ඔහුට මෙ‍සේ වදාළ සේක: ”පරිසිවරුනි, ඔබ කෝප්පයේ ද පිඟානේ ද පිටපැත්ත සො‍්දා පිරිසුදු කරන්නාහු ය; එහෙත් ඔබගේ ඇතුළත තණ්හාවෙන් ද දුෂ්ට චේතනාවෙන් ද පිරී ඇත. 40 අඥානයෙනි, පිටපැත්ත මැවූ තැනැන් වහන්සේ ඇතුළු පැත්තත් නොමැවූ සේක් ද? 41 එසේ නම් ඔබට ඇති දෙයින් දන් දෙන්න. එවිට සියල්ල ම ඔබට පිරිසුදු වන්නේ ය.