ජූලි 21 වන දින සුබ අස්න – ශු. මතෙව් 12: 46 – 50

46 උන් වහන්සේ සමූහයාට කතා කරමින් සිටිය දී ම උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ හා සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ. 47 එවිට එක් කෙනෙක් උන් වහන්සේට කතා කොට, ”බලන්න, ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටිති”යි කී ය. 48 එහෙත්, උන් වහන්සේ එසේ කී අයට උත්තර දෙමින්, ”මාගේ මෑණියෝ කවුරු ද? මාගේ සහෝදරයෝ කවුරු ද?” කියා 49 සිය ශ්‍රාවකයන් දෙසට අත දිගු කොට, ”මෙන්න, මාගේ මෑණියෝ සහ සහෝදරයෝ! 50 ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුව ද, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.