ජේසු තුමන්ගේ අති ශුද්ධවූ ශ්‍රී රුධිරයේ යාච්ඤාව

මහෝත්තම වූ ජේසූ සමිඳාණෙනි, මාගේ අසීමිත සහ කුරිරු පාපයන් නිසා, මම ඔබවහන්සේගේ ශ්‍රී හදවත හා දේහය නිරතුරුවම සිදුරු කළෙමි. එහෙත් ඔබවහන්සේ පෙරළා මා හට එම වේදනාව නුදුන් සේක. ඔබවහන්සේ මා හට සමාව දී, මා සුවපත් කල බවත්, මා සුවපත් කරන බවත් මම තරයේ විශ්වාස කරමි.

ඔබවහන්සේගේ ශ්‍රී දේහයට සිදුකල තුවාලවලින් ගලා හැලෙන රුධිරය සමඟ, ඔබවහන්සේගේ දයාව අනුකම්පාව මුසුවී, මාගේ තුවාලයන් වෙත, මාගේ ඇතුළාන්තය සහ මාගේ සිරුරේ සෑම ඉන්ද්‍රියක්, (සුවය පතන ඉන්ද්‍රිය සදහන් කරන්න), වෙතම, ඒ අමිල වූ රුධිරය පතිත වේවා!

ජේසුනි ඔබවහන්සේ දේව පුත්‍රයාණෝය. මම දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙමි. මනුෂ්‍ය පුත්‍රයාණන් හා මා අතර ඇති එම ප්‍රබල රුධිර සම්බන්ධතාවය කෙරෙහි මා විශ්වාස කරන බැවින්, ඔබවහන්සේගේ ශ්‍රී රුධිරයෙන් මා දොවනය කල මැනව. මාගේ අතීත පාපයන්ගෙන් මා සෝදා හැර, මා නිදොස් කොට, ශාරිරිකවද මානසිකවද අධ්‍යාත්මිකවද මා බලවත් කල මැනව.

ඔබවහන්සේ මාගේ අවශ්‍යතාවයන් දන්නා සේක. මිනිස් උත්සාහයන් හා හැකියාවන් තුලින් ඉටුකරගත නොහැකි මාගේ අවශ්‍යතාවයන් අසීමිතය. ඔබවහන්සේගේ බලවත් එක වදනකින් ඒ සියල්ල මට පහසු වී ඉටු වන්නේය. මා සහ මගේ අනාගතය බාරගත මැනව. සියල්ල සිදුවනුයේ මාගේ යහපත සදහා බව අදහමි. ඔබගේ කැමැත්ත දැනුත්, මත්තටත්, සදහටමත් සිදුවේවා!

ජීවිතයේ මා ලද සියලු වරප්‍රසාදයන්, ප්‍රතිහාර්යන් හා ආශිර්වාදයන් වෙනුවෙන්, ඔබවහන්සේට ස්තුති වේවා! ජේසුනි, ඔබවහන්සේට ප්‍රශංසාවත් මහිමයත් අත් වේවා!