දෙසැම්බර් 11 වන දින සුබ අස්න – ශු. මතෙව් 11 : 16 – 19

16 මේ පරම්පරාව කුමකට සමාන කරම් ද?
වෙළඳ පොළේ හිඳ තමන්ගේ යහළුවන්ට හඬගා,
17 ‘අපි ඔබට නළා පිම්බෙමු, ඔබ නැටුවේ නැත;
අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැත’
කියන දරුවන්ට එය සමාන ය. 18 ජොහන් කමින් බොමින් ආවේ නැත. එබැවින්, ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකි’යි ඔව්හු කියති. 19 මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක. එබැවින්, ‘බලන්න, ඔහු කෑදර මනුෂ්‍යයෙකි; මුද්‍රික පානය බොන්නෙකි; අයකැමියන්ගේ ද පව්කාරයන්ගේ ද යහළුවෙකි’යි ඔව්හු කියති. එහෙත්, දේව ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් දිස්වේ.”