නොවැම්බර් 27 වන දින සුබ අස්න – ශු. ලූක් 21 : 29 – 33

29 තවද ජේසුස් වහන්සේ ඔවුන්ට උපමාවක් වදාළ සේක. ”අත්තික්කා ගස හෝ අන් කිසි ගසක් හෝ ගැන සිතන්න. 30 ඒවා දලු ලන විට, එය දුටු හැටියේ ම ගිම්හානය දැන් ළං වී ඇතැ යි ඔබ දන්නහු ය. 31 එලෙස ම, මේ දේ සිදුවනු දක්නා කල, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළං වී ඇතැ යි දැනගන්න. 32 ඇත්තෙන් ම මම ඔබට කියමි, මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහ ව නොයන්නේ ය. 33 අහසත්, පොළොවත් පහ ව යන්නේ ය. එහෙත් මාගේ කිසිදු වචනයක් පහ ව නොයන්නේ ම ය.”