මැයි 4 වන දින සුබ අස්න – ශු. ජොහාන් 14 : 27 – 31

27 ”ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි; මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නට වත් බිය වන්නට වත් ඉඩ නොදෙන්න. 28 මම ගොස් නැවත ඔබ වෙතට එමි යි මා ඔබට කී බව ඔබ ඇසුවාහු ය. ඔබ මට ප්‍රේම කළාහු නම් මා පියාණන් වහන්සේ වෙතට යන බැවින් ඔබ ප්‍රීති වන්නහු ය. මන්ද, පියාණන් වහන්සේ මට වඩා උතුම් ය. 29 ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණිස, එය සිදු වන්න පෙර, දැනට ම ඔබට කියා ඇත. 30 තවදුරටත් ඔබ සමඟ කතා කිරීමට නුපුළුවන. ලෝකයේ අධිපතියා එන්නේ ය. මා කෙරෙහි කිසි බලපුළුවන්කාරකමක් ඔහුට නැත. 31 එහෙත් මෙසේ වන්නේ මා පියාණන් වහන්සේට ප්‍රේම කරන බවත්, පියාණන් වහන්සේ මට අණ කළ ලෙස මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිස ය. නැඟිටින්න, අපි මෙතැනින් පිටත් ව යමු”යි වදාළ සේක.