ශු. බයිබල් පාඨ – පැරණි ගිවිසුම

අපි හැමෝම වැරදි කරනවා. හැබැයි අපේ වැරැද්ද අපි පිළිගෙන ඒකට සමාව ගන්නවානම්, ආයෙත් ඒ වැරදි කරන්නේ නැහැ කියල අධිෂ්ඨාන කරගෙන ඒ වරදින් ඈත් වෙනවනම් ජේසුගේ ආශිර්වාදය ලබන්න පුළුවන් වෙනවා. නමුත් සමහරු කැමති නැහැ තමන්ගේ වරද පිළිගන්න. උත්සහ කරන්නෙම කාට හරි වැරදි පවරන්න, අනුන්ගේ වැරදි හොයන්නමයි. ඉතින් ඔබත් එහෙම කරන අයෙක්නම් ජේසුගේ බලය ආශිර්වාදය ලබන්න බැරි වෙන බව හොදට මතක තියා ගන්න.
සල්ලි වස්තුව පසු පස පමණක් දුවන්න එපා. සල්ලි අපිට ඕනි තමයි මේ ලෝකයේ ජීවත් වන්න. ඒත් තණ්හාවට සල්ලි පසු පසම දුවන්න එපා. අපිට මේ ලෝකයෙන් කොයි වෙලේ යන්න වෙයිද දන්නේ නැහැ, ඒක හින්ද ජේසු තුළ ජීවිතයකට යොමු වන්න. හෙට නෙමේ අද ඉදන් පටන් ගන්න. අපි දැන් නොකරන දෙයක් අපේ මරණ මංචකයේදී කරන්න බැහැ කියල මතක තබා ගන්න.