සැප්තැම්බර් 28 වන දින සුබ අස්න – ශු. ලූක් 9 : 57 – 62

57 ඔවුන් මඟ බැස යද්දී එක් මිනිසෙක්, ”ඔබ වහන්සේ යන ඕනෑ ම තැනකට වුව ද මමත් ඔබ අනුව එන්නෙමි”යි කී ය. 58 ජේසුස් වහන්සේ කතා කොට, ”හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට වත් තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක. 59 උන් වහන්සේ තව කෙනෙකුට, ”මා අනුව එන්නැ”යි වදාළ සේක. ඔහු: ”ස්වාමීනි පළමුකොට මාගේ පියා භූමදාන කරන පිණිස යන්නට මට අවසර දුන මැනවැ”යි කී ය. 60 උන් වහන්සේ උත්තර දෙමින්, ”මළවුන්ගේ භූමදානය මළවුන් ම කළා වේ; ඔබ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නැ”යි ඔහුට වදාළ සේක. 61 තවත් කෙනෙක්, ”ස්වාමීනි ඔබ අනුව එන්නෙමි; එහෙත් පළමුකොට මාගේ ගෙදර උදවියගෙන් සමු ගෙන ඊමට අවසර දුන මැනවැ”යි කී ය. 62 ජේසුස් වහන්සේ, ”නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැ”යි ඔහුට වදාළ සේක.