දේව දයාවේ මංගල්‍යය හා දේව දයාවේ සිතුවම 


බොහෝ කතෝලික නිවෙස්වල ඇති මෙම දේව දයාවේ ජේසුගේ පින්තූරය පිළිබදව අප මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නෙමු 

මෙහි පෙන්වා ඇති දේව දයාවේ ජේසුගේ සිතුවම තවත් එක් ශු.රෑපයක් පමණක් නොව, ජේසුස් වහන්සේ විසින්ම ෆවුස්තිනා තුමියට දර්ශනය වී සිතුවම් කිරීමට කී පින්තූරය මෙයයි.

මෙම දේව දයාවේ සිතුවමට ගෞරව කරනා කාට වුවද මෙය මුලු ලෝකයට දැන ගැනීමට සලස්වන කාට වුවද මහා වරප්‍රසාද ලබා දෙන බවට ජේසුස් වහන්සේ ෆවුස්තිනා තුමියට පොරොන්දු වී ඇත.

එතුමියගේ දින පොතේ 1931 පෙබරවාරි 22 දින තබන ලද 47 සහ 48 යන සටහන් වල මෙසේ ලියා ඇත.
~ සන්ද්‍යාවේ මම මාගේ කාමරයේ සිටිනා විට මා ජේසුස් වහන්සේ සුදු සලුවකින් සැරසී සිටිනු දුටුවෙමි. එක අතක් ආශිර්වාද කරන්නාක් මෙන්ද අනෙක් අත සිය සලුවේ පපු ප්‍රදේශ ස්පර්ශ කරමින්ද සිටිණි. උන්වහන්සේගේ සලුවට මදක් පහලින් පපුවට මදක් පැත්තට වන්නට විශාල කිරණ කදම්භ 2ක් නිකුත් විය. එකක් රතුද අනික අලුද( සුදු-pearl)විය. නිහඩව මා ඉතා ගෞරවාන්විතව මහත් සන්තෝෂයෙන් ඒ දෙස බලා ඉන්නට විය. ටික වෙලාවකට පසු ජේසුස් වහන්සේ මෙසේ කීය.~
“ඔබ දකින ස්වරූපය අනුව චිත්‍රයක් සිතුවම් කරන්න.එයට Jesus I Trust in You යන මුද්‍රාව ඇතුළත් කරන්න. මෙම සිතුවමට ගරුබිය දැක්වීමටත්, මුලින්ම එය ඔබේ අල්තාරෙයේද ඉන්පසු ලෝකයේ පුරාද ගෞරවයට පාත්‍ර කරනවාට මා කැමතිය. මෙම සිතුවමට ගරු කරන කුමන ආත්මයක් උවද විනාශ නොවන බවට මම පොරොන්දු වෙමි. දැනටමත් මේ ලෝකයේ සිටිනා සතුරන්ගෙනුත් මරණීය පැයේදීත් මම ඔබට ජයග්‍රාහණය ලබා දෙන බවට පොරොන්දු වෙමි. මාගේ මහත් මහිමය නිසාම මා විසින්ම එය පරාජය කරමි.”

තවත් අවස්ථාවක දර්ශනය වූ ජේසු තුමන් මේ සිතුවම ගැන එතුමියට පවසා ඇත්තේ මෙලෙසිනි.
“මාගේ දයාවේ දිය උල්පතට පරිස්සමින් පැමිණීමට හැකිවනු පිණිස මම මිනිසුනට ඔරුවක් එවන්නෙමි.එම ඔරුවනම් Jesus I trust in you මුද්‍රාව ඇති සිතුවමයි”
(Diary note 327)

~මෙම කිරණ කදම්භ දෙකේ තේරුම උන්වහන්සේගෙන් අසන ලෙස මාගේ පව් කමාකරන්නා (මිඛායෙල් පියතුමා) මට කියා සිටියේය~
(Diary note 77)

පසුව ඇය දින පොතේ මෙසේ ලියා ඇත
~ මා යාච්ඤා කරන අතරතුර මා තුළින් ම මට මෙසේ ඇසුනි එම කිරණ මගින් නිකුත් වන්නේ රුධිරය සහ ජලයයි. අලු( සුදු -pearl) වර්ණයෙන් ජලය හෙවත් ආත්මයන් ධාර්මික කිරීමද රතු මගින් රුධිරය හෙවත් ජීවන දායක ආත්මයද නිරූපණය වේ. කුරුසියේදී හෙල්ලයකින් මා සිදුරු කරන විට මාගේ ශෝකාන්විත හෘදයෙන් දැක්වූ දයාවේ ගැඹුරින්ම මෙම කිරණ නිකුත් වේ.~
තවත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඇයට මෙසේ පවසයි.
” මේ සිතුවමේ මා දෙස බැලීම, කුරුසියේ සිටිනා මා දෙස බලනවා වැනිය. ඔබගේ විශ්වාසය මාගේ දයාවට හැරෙනා තුරු මනුෂ්‍ය වර්ගයා සමාදානය නොලබයි “
තවත් වරෙක දර්ශනය වූ දේව දයාවේ ජේසු, ඇයට මෙම දේව දයාවේ මංගල්‍යය ගැන පවසා ඇත.
“මෙම සිතුවම පාස්කුවට පසු පළමු ඉරුදින මහජන ගෞරවයට පාත්‍ර කිරීමට මා කැමතිය. එම ඉරුදින නම් දයාවේ මංගල්‍යය දිනයයි”
ඇගේ දින පොතේ මෙසේද ලිය වී ඇත.
~මහ පුදුමයකි. ස්වාමින් වහන්සේ පැවසූ ලෙස සියල්ල සිදු විය. වර්ෂ 1935 අප්‍රියල් මාසයේදී පාස්කුවට පසු පළමු ඉරුදින ප්‍රථම වතාවට මෙම සිතුවම විශාල ජනකායක් ඉදිරියේ භක්ති ආදරයට පාත්‍ර විණි. දවස් තුනක් පුරාවට මෙය මහජන ගෞරවය සදහා ප්‍රසිද්ධ කෙරිණි. මේ කාළය තුළ අප ගැලවුම්කරුවාණන්ගේ දුක්ප්‍රාප්තියේ සිට වසර 1900ක් ගෙවීම සිහිකරන ලෝක ගැලවීම දිනය යෙදී තිබිණි. දේව දයාවේ කර්තව්‍යයත් ලෝක ගැළවීමේ කර්තව්‍යයත් එකින නෙකට බැදී පවතින බව දැන් මට පෙනෙන්නට තිබේ~
කොතරම් දක්ෂ චිත්‍ර ශිල්පියකු අතින් මෙම සිතුවම ඇන්දද ඈ දුටු ජේසුස් වහන්සේ තරම් ලස්සනට සහ ඒ අයුරින්ම සිතුවම් කර ගැනීමට නොහැකි වූ නිසා හඩා සිටි ෆවුස්තිනා තුමියට ජේසුස් වහන්සේ ඇයට මෙසේ පැවසූ බවට ඇය දින පොතේ සටහන් කර ඇත.
“මෙම සිතුවමේ ශ්‍රේෂ්ඨත්වය පවතින්නේ වර්ණයන්ගේ ලස්සනින්වත්, පින්තාරු ගැඩ ගැන්වීම්වලින්වත් නොව, මාගේ කරුණාව හා දයාව මතය”
මෙම සිතුවමට හිමි භක්ති ආදරය නිරතුරුව අපි ලබා දෙමු. ජීවමාන තැනන් වහන්සේගේ රුව ඉදිරියේ යාච්ඤා කරමු. පසු කාලීනව මෙම සිතුවමේ රුවත් ටියුරින් සලුවේ රුවත් එකම මිනිසකුගේ බව පරීක්ෂණාතමකව ඔප්පු කර ඇත. ඒ මතු වඩිනා විනිශ්චය කාරයාණන් වූ අප ගැලවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේය.