අවුස්ත්‍රියාවේ සීෆල්ඩ් හි ශු. දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යය

මෙම ප්‍රාතිහාර්යය සිදුවුයේ බටහිර අවුස්ත්‍රියාවේ පිහිටි සීෆල්ඩ් නම් වූ ගම්මානයේ වර්ෂ 1384 දී. ඒ මහබ්‍රහස්පතින්දා දිනයි. දේව මෙහෙය පවතින අතර අවි අමෝරාගත් යුධ බටයින් කිහිපදෙනෙක් දේවස්ථානයේ අල්තාරය වට කළා. කළු රෙදිකඩකින් මුහුණ වසාගත් නායකයා වූ ඔස්වල්ඩ් සාමිවරයා ඇවිත් ” මට ඔය සත්ප්‍රසාද කරඩුවේ තියෙන සුදු පාට පුපයක් ඕනි , මෙහාට දෙනවා එකක් දැන්ම ” කියා පියතුමාට කිව්වා. බිය වූ පියතුමා එක පුපයක් ඔහුගේ අත මත තැබු කෙනෙහිම සිදුවුයේ සිතා ගත නොහැකි දෙයකි. සාමිවරයා සිටගෙන සිටි අල්තාරයේ පොළොව දෙබෑවී ඒ වලෙහි දණ හිස දක්වා ඔහු ගිලී ගියා. බියවූ සාමිවරයා තමන්ව උඩට ගන්නා මෙන් කෑ ගැසුවා. වහා ක්‍රියාත්මක වූ පියතුමා ඔහුගේ අතින් අල්ලා උඩට ගන්න උත්සහ කළා. ඒ අතරම සාමිවරයා ලග තිබු ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුලින් ලේ වැහැරෙන්න පටන් ගත්තා. මේ සිදුවීමත් සමගම ජේසුස් වහන්සේ කෙරෙහි දැඩි විරෝධයක් තිබු මේ සාමිවරයාගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. ඔහු එදා සිට මිය යනතුරුම තමන් කළ වරදට ජේසුස් වහන්සේගෙන් සමාව ගත්තා.

මේ ප්‍රාතිහාර්යය සිදුවීමත් සමගම ලොව පුරා බැතිමතුන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රාතිහාර්යයාත්මක ශු. දිව්‍ය සත්ප්‍රසාදය බලන්නට එන්නට පටන් ගත්තා. පුදුමයට පත් වන අනෙක් කරුණ නම් අද වනතුරුත් මේ ශු. දිව්‍ය සත්ප්‍රසාදය ඉතිරි වී ඇති අතර එය සීෆල්ඩ් දේවස්ථානයේ අද වුවද දැකගත හැකි වෙනවා.