දේව දයාවේ මංගල්‍යය ඉරු දින බ්‍රසීලය සිදුවු ප්‍රාතිහාර්ය

දේව දයාවේ මංගල්‍යය ඉරු දින 20/04/2020 බ්‍රසීලයේ ෆවුන්ටන් එස් පී හි ස්නාවක ජුවාම් තුමාගේ කතෝලික දේවස්ථානයේ සිදු වූ ප්‍රාතිහාර්යය .මෙම දේවස්ථානය දේව දයාවේ ඉරිදා සවස 3 ට සැදැහැවතුන් කීප දෙනෙකු සමග එකතුව දිව්‍ය පූජා යාගය සිදුකරන ලදි.එවිට දේවදයාවේ සිතුවමෙහි දැක්වෙන ජලය සහ රුධිරය පිලිබදව පැහැදිලි කරමින් සිටියදී, සිතුවමෙහි වෙනසක් දුටු සැදෑවතෙකු ඡායාරූප කිහිපයක් ගත් අතර, සිතුවම දෙසින් එල්ලවූ කිරණ සැබවින්ම බැබළෙන ආකාරය ඔහුට දැක ගත හැකිය විය.නමුත් මෙය හිරු එලිය සිතුවමෙහි වීදුරුව දෙසට වැටි පරාවර්තනය වූ බවක් නොපෙනේ. එයට හේතුව දිව්‍ය පූජාව ඔප්පු කරන පියතුමා වරක් දෙවරක් ඒ එලිය හරහා ගමන් කලද එලිය නොවෙනස්වම එක එල්ලේ තිබීමයි.