මුළු ලෝකය ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයට කැප කිරීමේ යාච්ඤාව

අති අමෘතබරවූ ජේසුනි, මනුෂ්‍ය ජාතීන්ගේ ගැලවුම් කාරයාණනි, ඔබගේ පූජාසනය හමුවෙහි බැගෑපත්ව වැඳ වැටී සිටින අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අපි ඔබට අයිති වෙමු. සැම කල්හිත් අපි ඔබට අයිති වෙන්නට කැමැත්තෙමු. තවද ඔබ හා සමඟ වඩා ස්ථීරව එකඟ වෙන පිණිස අද දින දී ස්වකීය කැමැත්තෙන්ම අපෙන් එක එකා ඔබගේ දිව්‍ය හෘදයට තම තමා කැප කරයි.

බොහෝ ජනයෝ කවර කලෙකවත් ඔබ ඇඳින නොගත්තෝය. බොහෝ දෙනාද ඔබගේ පණත් හෙලා දැක ඔබ ප්‍රතික්ෂේප කළෝය. අති දයාබර ජේසුනි, ඔවුන් සමස්තයන්ට ඔබ දයානුකම්පා වී ඔබගේ දිව්‍ය හෘදය කරා ඔවුන් ගෙන්වා වදාළ මැනව.

ස්වාමිනි කොයි කලකදීවත් ඔබ ගෙන් ඉවත්ව නොගිය විශ්වාසකයින්ට පමණක් නොව ඔබට පිටුපා ගීය අකීකරු දරුවන්ටත් ඔබ රජාණන් වන සේක්වා. ඔවුන් කාලකන්ණි කමින් ද, සාගින්නෙන්ද විනාශ නොවන සැටියට ස්වකීය දෙවිපියාණන්ගේ ගෘහයට වහාම නැවත හැරී එන මෙන් කරුණා කළමැනව.

වැරදි මතවලින් රවටනු ලැබූ නොහොත් ස්වකීය ඇල්ම වලින් මුලා වී ගීයවුන්ටත් ඔබ රජාණන් වන සේක්වා. එකම බැටළු රැලක් ද එකම එඬේරෙක් ද වෙන සැටියට සත්‍යතාවයෙත් විශ්වාසයෙත් එකත්වයෙත් වරායට ඔවුන් ගෙන්නුව මැනව.

ස්වාමිනි, ඔබගේ ශුද්ධ වූ සභාවට ස්ථිරවූ ද, බාධා නැති වූ ද, නිදහස දුන මැනව. සියලු දේශ ජනයන්ට නිසි ක්‍රමය හා සමාදානය දෙවා වදාළ මැනව. මේ ලෝකයේ සීමාවෙන් සීමාවට සෑම තැන්හි අපට ගැලවීම සම්පාදනය කළ දිව්‍ය හෘදයට ප්‍රශංසා ලැබේවා. උන් වහන්සේට මහිමයත් ගෞරවයත් සදා කල්හි ලැබේවායි සමස්තයෝ එකම ශබ්දයෙන් කියත්වා. ආමෙන්.