කතෝලික සාන්තුවර භක්තිය හෙලා දකින්නන්ට අභියෝගයක් වු “සාන්ත ජුසේ පඩිපෙල”

නව මෙක්සිකෝවේ ඇති සන්ටා ෆේ හි ලොරෙට්ටෝ දේවස්ථානය, එකල (18 වන සියවසේ) පාප්තුමාගේ මග පෙන්විම මත ලොරෙට්ටෝ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් වෙනුවෙන් ගෝතික ක්‍රමයට නිර්මාණය වු දේවස්ථානයකි. මෙම දේවස්ථානය සැලසුම් කල ලෙස නිමා වන්නට ප්‍රථම එහි ගෘහ නිර්මාණ ශිල්පියා මියගිය අතර මෙහි ගීතිකා කණ්ඩායම සදහා ඉහල මහල සදහා පඩිපෙලක් නිර්මානය කිරිමට සැලසුම් කිර්මට එකල සිටි ගෘහ නිර්මාන ශිල්පින්ට අපොහොසත් විය…..
මේ ගැ⁣ටළුවට පිලිතුරක් බලාපොරොත්තුවෙන් කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් ජුසේ තුමා වෙනුවෙන් නොකඩවා දින 9ක් යාච්ඤාවේ නිරත විය.
දින 9ක් අවසන් වු විට එක්තරා ආගන්තුකයෙකු දේවස්ථානයේ දොරටුව අභියස සිටිනු ඔවුන් දිටිහ. ඔහු මෙම පඩිපෙල සාදන බවටත් මාස තුනක කාලයක් දේවස්ථානය වසා තබන ලෙසත් ඔහු කන්‍ය සොහොයුරියන්ගෙන් ඉල්ලීහ. මාස 3ගත විය. කන්‍යා මවුතුමියටත් රහසින් මෙම ආගන්තුක වඩු කාර්මිකයා ගාස්තුවක් නොලබාම දේවස්ථානයෙන් පිටව ගොස් තිබිණි. පොරොන්දු පරිදි ඔහු පඩිපෙල සදා තිබිණි.

එහි උස මිටර 6කි. මෙම නිර්මාණය අදටත් අභිරහසකි. මෙහි නිර්මාණකරැ කොහේ සිට ආ කෙනෙක්ද යන්න කිසි කෙනෙකුට සොයාගත නොහැකි විය. ඔහු මෙය නිර්මානය කිරීම සදහා ගෙන ආ බව කියවෙන්නේ සරල ආයුධ කිහිපයකි. එමෙන්ම මෙම මාස තුනක කාලය තුල මෙම දේවස්ථානයට කිසිදු පුද්ගලයෙකු ආ ගිය බවට⁣ හෝ නැවතී සිටි බවට සාක්ෂි නොමැත. තවද මෙම නිර්මාණය සදහා යොදා ඇති ලී වර්ගය කෙසේ දේවස්ථානය වෙත ගෙන ආවේද යන්නත් ගැටලුවකි. සියලු දෙනා මවිත කරන ආශ්චර්යාත්මක සිද්ධිය නම් මෙම කවාකාර පඩිපෙල කිසිදු මධ්‍යගත ආධාරකයකට සම්බන්ධ වි නොමැති අතර මෙය නිර්මාණය කිරිමට එක් ඇනයක් හෝ ගම් වර්ගයක් යොදා නොගැනිමේ පුදුම සහගත සිද්ධින්ය.
තවද මෙම පඩිපෙලහි පඩි ගනන 33කි.
එමගින් අපට නිරායාසයෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ ජිවිත කාලය සිහිපත් වෙයි.

මෙය අන් කිසිවෙකුගේ නොව ශුද්ධවු ජුසේ තුමාගේම නිර්මාණයක් බව ලොරෙට්ටෝ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් තරයේ විශ්වාස කරයි.