විශ්වාස ලක්ෂණය

අහස පොලොව මැවූ සියලු බලැති දෙවි පියාණන් කෙරෙහිද, උන්වහන්සේගේ එකම පුත්‍ර වූ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් ගැබබැස කන්‍යා මරියාවන්ගෙන් උපන් සේක. පොන්සියෝ පිලාත් යටතේ වද විද කුරුසියේ ඇණ ගැසුම් කා උකුත් වී තැන්පත් කරනු ලැබූ සේක. පාතාලයට බැස තුන්වැනිදා මළවුන් කෙරෙන් නැගිට වදාරා, ස්වර්ගයට නැගී, සියලු බලැති දෙවිපියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. එහි සිට ජිවතුන්ද, මළවුන්ද විනිශ්චය කරන්නට නැවත වඩින සේක. ශුද්ධාත්මයාණන් කෙරෙහිද, ශුද්ධවූ කතෝලික සභාව කෙරෙහිද, සාන්තුවරයන්ගේ සහභාගිත්වය කෙරෙහිද, පාප ක්ෂමාව කෙරෙහිද, මළවුන්ගේ නැවත නැගිටීම කෙරෙහිද, මතු පැමිණෙන සදා ජීවිතය කෙරෙහිද, විශ්වාස කරමි. ආමෙන්