ඔක්තෝම්බර් 13 වන දින සුබ අස්න – ශු. ලූක් 11: 42 – 46

42 ”පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ සුවඳතලාවලින් ද සුදුදුරුවලින් ද සියලු පලාවලින් ද දසයෙන් කොටස දෙන නමුත් යුක්ති ධර්මය ද දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද නොසලකා හරින්නාහු ය. ඔබ කළ යුතු ව තිබුණේ ඒ දේත් හැර නොදමා මේ දේත් ඉටු කිරීම ය. 43 පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ ධර්මශාලාවල දී උසස් ආසන ද වෙළෙඳාම් පළවල දී ගෞරවාචාර ද ලැබීමට ආශා ඇත්තාහු ය. 44 ඔබට වන විපතක මහත! ඔබ නොපෙනෙන සොහොන් ගෙවලට සමාන ය; ඒ මත ඇවිදින අය, නොදැන එසේ කරති.” 45 විනයධරයන්ගෙන් එක් තැනැත්තෙක් උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, ඔබ මෙ‍සේ කීමෙ‍න් අපටත් අපහාසයක්, කරන සේකැ”යි කී ය. 46 උන් වහන්සේ ඔහුට මෙ‍සේ පිළිතුරු දුන් සේක: ”විනයධරයෙනි, ඔබට වන විපතක මහත! ඉසිලිය නොහැකි බර ඔබ මිනිසුන් පිට පටවන්නාහු ය. එහෙත් ඒ බරට ඔබගේ එක ඇඟිල්ලක් වත් නොතබන්නාහු ය.