සැප්තැම්බර් 16 වන දින සුබ අස්න – ශු. ලූක් 7: 31 – 35

31 තවදුරටත් උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: ”මේ පරම්පරාවෙහි මිනිසුන් කුමකට සමාන කරම් ද? කුමන දෙයකට මොවුහු සමාන ද? ඔව්හු වනාහි, වෙළඳ පොළේ හිඳ ඔවුනොවුන්ට හඬගා,32 ‘අපි ඔබට නළා පිම්බෙමු.ඔබ නැටුවේ නැත;අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැතැ’යිකියන දරුවන් හා සමාන වෙති. 33 ස්නාවක ජොහන් නිරාහාර ව ද මිදියුසින් තොර ව ද සිටි කෙනෙකි; එබැවින් ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකැ’යි ඔබ කියන්නහු ය. 34 මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක; ‘බලන්න, ඔහු කෑදරයෙකි, බේබද්දෙකි, අයකැමියන්ගේත්, පව්කාරයන්ගේත් යහළුවෙකි’යි ඔබ කියන්නහු ය. 35 දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරැදි බව එය පිළිගන්න සියලු දරුවන් මඟින් දිස් වන්නේ ය.”