අප්‍රියෙල් 10 වන දින සුබ අස්න – ශු. ලූක් 19: 28 – 40

28 උන් වහන්සේ මෙ‍වදන් දෙසා ජෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව වැඩි සේක. 29 උන් වහන්සේ ඔලීව නම් කන්දට නුදුරු බෙත්පාගයට ද බෙතානියට ද ළං වූ කල, සිය ශ්‍රාවකයන්ගෙන් දෙදෙනකු යවමින්, 30 ”ඔබ ඉදිරිපිට තිබෙන ගමට යන්න; එහි ඇතුළු වූ විට, කිසි කලෙක කිසිවෙකු නොනැඟුණු කොටළු නාම්බෙකු බැඳ සිටිනු ඔබට සම්බවන්නේ ය. 31 ඌ ලිහා මෙ‍හි ගෙනෙන්න. ඌ ලිහන්නේ මන්දැ යි යමෙකු ඇසුවොත්, සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ යි කියන්නැ”යි වදාළ සේක. 32 යවනු ලැබුවෝ ගොස් උන් වහන්සේ ඔවුන්ට වදාළ ලෙස ම දුටුවෝ ය. 33 ඔවුන් කොටළු නාම්බා ලිහන කල අයිතිකාරයෝ ”ඔබ කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූ හ. 34 ”සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ”යි ඔව්හු කී හ. 35 ඔව්හු කොටළු නාම්බා උන් වහන්සේ වෙත ගෙනවුත්, තමන්ගේ උතුරු සළු ඌ පිට අතුරා, ජේසුස් වහන්සේ ඌ පිට හිඳවූ හ. 36 උන් වහන්සේ යද්දී, ඔව්හු තමන්ගේ උතුරු සළු මඟ එලා ලූ හ. 37 උන් වහන්සේ ඔලීව කන්දේ බෑවුම ළඟට පැමිණි කල්හි, මුළු ශ්‍රාවක සමූහයා ප්‍රීති වන්නටත් තමන් දුටු සියලු ප්‍රබල ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නටත් පටන් ගෙන, 38 ”සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේ වා! ස්වර්ගයෙහි සාමය ද අති උසස් තැන්හි මහිමය ද වේ වා!”යි කී හ. 39 එවිට සමූහයා අතරෙන් සමහර පරිසිවරු, ”ගුරුදේවයෙනි, ඔබගේ ශ්‍රාවකයන්ට තරවටු කළ මැනවැ”යි උන් වහන්සේට කී හ. 40 උන් වහන්සේ උත්තර දෙමින්, ”ඔවුන් නිහඬ වූවොත්, ගල්, මොරගසනු ඇතැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.