නොදිරන සිරුරු දිනු ඔවුහු

පුංචි වෙලාවක් අරන් කියවන්න….

පසුගියදා ඉතාලියේ අසීසි නුවර භාග්‍යයවරයට ඔසවන ලද කාර්ලෝ තුමන් ගැන බොහෝ මතවාද සමාජ ජාලා ඔස්සේ පලවූ බව නොරහසකි…බොහෝ ආගමික මෙන්ම අන්‍යාගමික අයට පවා මවිතයක් වූ මේ නොදිරන කාලෝ තුමන්ගේ සිරුර ගැන ප්‍රශ්නාර්ථ මතු වූවාට සැකයක් නැත…

බොහෝ පිරිස් අනුමාන කලේ මේ සිරුර කල් තබා ගැනීමට යම්කිසි රසායනික ද්‍රව්‍යක් හෝ විකිරණ යොදා ගැනීමෙන් කතෝලික සභාව මිනිස්සු රැවටීමකට ලක් කොට මුලා කරනා බවයි…නමුත් ශුද්ධවූ කතෝලික සභාව එවැනි හාස්‍යජනක හෝ අසත්‍ය දේවලින් මිනිසුන් මුලාකර මුදල් ඉපයීම කිසිසේත් නොකරන බව ඉදුරාම කියමි….මන්දයත් ශුද්ධවූ කතෝලික සභාව සතු නොදිරන එකම සිරුරකට හිමිකම් කියනුයේ කාර්ලෝ තුමන් නොවන බැවිනි…..

යම්කිසි පුද්ගලයෙකු සාන්තුවර නාමාවලියට ඇතුලත් කිරීමට නොදිරන සිරුර සාධකයක් නොවේ ..එසේ උවහොත් බොහෝ සාන්තුවරු අපට අහිමි වී යනු නොඅනුමානය ..දෙවියන් වහන්සේගේ නියමනන් ඒ ආකාරයෙන් ඉටු කරමින් දේව සේවයේ නියුතු තම ජීවිතේ පුරාවට සත්‍ය වෙනුවෙන් සාක්ෂි දරා නිර්ලෝභී දිවියක් ගෙවූ බොහෝ සාන්තුවරු ඔවුන්ගේ ජීවත පැවැත්ම මත හෝ ප්‍රාණපරිත්‍යාගී වීම මත කිතුණු සභාව ඔවුන් සාන්තුවරයන් කොට ලොවට දායාද කොට ඇත..ඒ ක්‍රියාවලිය ලේසී පාසු නොවේ යම්කිසි පුද්ගලයෙකු ශුද්ධවරයන්ගේ නාමාවලියට ඇතුලත් කිරීමට වෙනම කමිටුවක් පත් කොට සොයා බලා ප්‍රථමයෙන් ඔවුන් වන්දනීයද දෙවනුව භාග්‍යයවරයට ද තෙවනුව ශුද්ධවරයන්ගේ නාමාවලියට ඇතුලත් කෙරෙ..එය අප සිතනවාට වඩා සංකීර්ණ කාරණාවකි.

කතෝලික සභාවට ශරීර අවශ්‍ය නොවේ..බොහෝ තැන් වලදී සාන්තුවර සිරුර දිරා යාමට අළු හුණු තැදරූ අවස්ථාද සොහොන් ගෙවල් මාරු කිරීම්ද ජලයේ ගිල්වී තිබීමද පිලිස්සී තිබීමද මෙයට උදාහරණයක් පමනි…නමුත් අනිත් දිරා ගිය සාමාන්‍ය සිරුර සමග මේ සාන්තුවර සිරුරු නොදිරා තිබීම ආශ්චර්යය ජනකය..නොයෙක් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලට භාජනය කලද අදටත් ප්‍රෙහේලිකාවකි..අවශ්‍ය ඕනෑම කෙනෙකුට මෙවැනි සිරුරු පරීක්ෂා කිරීමට සභාව මග පාදයි..බෙහෙත් ගල්වා මමීකරණය කල සිරුරු වලට වඩා මෙවැනි සාන්තුවර සිරුරු බෙහෙවින් වෙනස් වේ..බෙහෙත් ගැල්වූ සිරුරු බෙහෙවින් දුර්වර්ණවද, දරදඩුවද, දුගද හමන බවින් යුක්තය..නමුත් මේ සාන්තුවර සිරුරු බෙහෙවින් නම්‍යශීලීවද, පැහැයෙන් වර්ණවත්වද නැවුම් සුවදින් යුක්තය ..සමහර සාන්තුවර සිරුරු වලින් කොන්ඩය සහ රැවුල් වැවීමද තෙල් වැනි සුගන්ධවත් තෛයිලයන් ශ්‍රාවය වීමද හදවත , දිව වැනි ඉක්මනින් දිරා යන වස්තූන් නොදිරා පැවතීමද ආශ්චර්යජනකය..එවැනි සිරුරු ඇත්තේ කතෝලික සාන්තුවරුන්ට පමනක් වීමද එක්තරා හාස්කමකි..
මරනින් සියවස් ගනනාවක් ගොසින් පවා නොදිරා තිබෙනා සිරුරු කිහිපයක් මා ඉදිරිපත් කොට ඇති අතර ඒව තවමත් සුගන්ධවත් හා නැවුම් බවින් යුක්තය …ෆාදර් පියෝ, ශුද්ධවූ රීටා, ශුද්ධවූ බර්නදෙත්, ශුද්ධවූ කැතරින්, ශුද්ධවූ ජෝන් බොස්කෝ, ශුද්ධවූ තෙරේසා හා ශුද්ධවූ ජෝන් මේරි වියානි වැනි සාන්තුවරුන්ගේ සිරුරු මෙලෙස ආකර්ෂණීය ස්භාවය දරන අතර ඒව දෙවියන් වහන්සේ මේ ලොවට දායාද කල උන්වහන්සේගේ ජීවමාන බවේ ප්‍රබල සාක්ෂි වන අතර ස්වභාව ධර්මය පවා අභිබවමින් ගිය පුදුමාකාර දායද වේ.. මන්ද ස්වර්ගයේ සාන්තුවර දිවියට ආරාධනය කිරීමට අපටද හැකිවන පිණිස මෙවැනි සාන්තුවර සිරුරු අප ශක්තිමත් කොට ආදර්ශයක් වන බැවිනි..සකල මෝක්ශවාසී වරුනි අප උදෙසා යාච්ඤා කල මැනව ..ස්තුති ජේසු පිහිටයි ..!
©️ ශාන් ගුණසේකර