1 එකල සබත් දිනක දී ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බඩගිනි ව කරල් කඩා කන්නට පටන්ගත්හ. 2 පරිසිවරු ඒ දැක, ”බලන්න, ඔබේ ශ්‍රාවකයෝ සබත් දිනයේ දී නොකටයුත්තක් කරති”යි කී හ. 3-4 උන් වහන්සේ කතා කොට ඔවුන්ට මෙසේ වදාළ සේක: ”දාවිත් රජු තමාට ද සිය පිරිවරට ද බඩගිනි වූ කල්හි කළ දේ, එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන්ට මිස තමාට වත්, තම පිරිවරට වත් කන්න යුතු නැති පිදූ රොටි කෑ බව ඔබ කියවා නැද් ද? 5 නොහොත් දේව මාලිගාවෙහි පූජකයන් සබත් දවසේ දී සබත් නීතිය කඩ කළත්, නිදොස් ව සිටින බව ව්‍යවස්ථාවලියෙහි කියවා නැද් ද? 6 එහෙත්, මම ඔබට කියමි, දේව මාලිගාවට වඩා උතුම් කෙනෙක් මෙහි සිටිති. 7 ‘මම යාග පූජාවට නොව, දයානුකම්පාවට කැමැත්තෙමි’ යන කීමේ තේරුම ඔබ දැන සිටියහු නම්, නිදොස් අය පිට වරද නොතබනු ඇත. 8 මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය.”