සැප්තැම්බර් 20 වන දින සුබ අස්න – ශු. ලූක් 9:23-26

23 ජේසුස් වහන්සේ සියල්ලන්ට කතා කොට, ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා, දිනපතා සිය කුරුසිය දරාගෙන මා අනුව ආවා වේ. 24 සිය ජීවිතය රැක ගන්න කැමැති යමෙක් වේ ද, ඔහු එය නැති කරගනියි; මා නිසා සිය ජීවිතය නැති කරගන්න යමෙක් වේ ද ඔහු එය රැකගනියි. 25 යමෙකු මුළු ලෝකය ලබාගත්තත් සිය ජීවිතය නැති කරගතහොත්, නැත්නම්, විනාශ කර- ගතහොත් ඔහුට කුමන ලාභයක් ද? 26 යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් තමන්ගේ ද පියාණන්ගේ ද ශුද්ධ දූතයන්ගේ ද තේජශ්‍රීයෙන් යුක්ත ව වඩිනා කල ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.