1996 දී ආජන්ටිනාවේ බුඑනොස් අයිරෙස් ( Buenos Aires ) හි සිදුවුණු දිව්‍ය සත්ප්‍රසාද ප්රාතිහාර්යේ පරික්ෂණ කරන විට ඒ ප්රාතිහාර්ය සිදුවුණු පුපයේ කොටසක් වැඩිදුර අධ්‍යනය සදහා 2004 දී Cardiac pathology සහ Forensic medicine සම්බන්ධයෙන් ඉතා දක්ෂ මහාචාර්යවරයෙක් වන නිව්යෝක් හි කොලම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්රෙඩ්රික් සුගයිබ් වෙත යවන ලදි. යවන ලද කොටස, දිව්‍ය සත්ප්‍රසාද ප්රාතිහාර්ය වුණු පුපයේ කොටසක් කියා මහාචාර්යවරයා දැන සිටියේ නැත. ඒ මහාචාර්යවරයා ඒ කොටස හෘද පේශියක් වන අතර ඒ කොටස සජීවී බවත් පැවසුවේය.
තවද ඒ කොටස පරික්ෂා කළ බැලු පසු කාගේදැයි මහාචාර්යවරයා ඇසුවේය. එසේ ඇසුවේ යම් රෝගියෙකුට අයත් කොටසක් ලෙස සිතාගෙනයි. නමුත් ඒ දිව්‍ය සත්ප්‍රසාද ප්රාතිහාර්ය සිදුවුණු පුපයෙන් කොටසක් යැයි කියු විට මහාචාර්යවරයා පුදුම වි ඔහු මෙලෙස පැවසුවේය. “ඔබ එම සාම්පලය මා වෙතට ගෙන එන විට, එම හදවත ජිවී බවින් යුක්තව තිබුණි”.
අප සාමාන්‍යයෙන් ආහාරය ට ගන්නා කෑම පෝෂ්‍යදායි වුවත් ඒ කිසිවක් ජීවනදායක නැත. ඉන් අදහස් කළේ ජීවි බවක් නැත යන්නයි. ජිවනදායක නොවුණු කෑම තුළින් එතරම් පෝෂණය ලැබෙනවානම්, ස්වර්ගයෙන් පහළ වු ජීවනදායක ආහාරය වන ජේසුස් වහන්සේ තුළ කොතරම් පෝෂණයක් ලැබෙනවාද? ඒ පෝෂණය තුළ ලැබෙන ජීවනය මේ විශ්වයේ වෙන කිසිවකින් නොලැබේ. ඒ ආහාරය සක්‍රමේන්තු ආකාරයෙන් ලබා ගන්නට හැකි වන දවස් උදා වුණු විට, ඒ ආහාරය ලබා ගෙන අපගේ ජිවිත රසවත් කරගෙන, අනුන්ගේ ජිවිත රසවත් කරන, අනුන් වෙනුවෙන් වැයවෙන, කැඩෙන, බිදෙන, පොඩිවෙන ආහාරයක් වන්නට උනන්දු වෙමු.