ජීවිතයට පණිවුඩයක් – ශු. ලූක් සුබ අස්න – හතරවන පරිච්චේදය

ශු. ලූක් 4 : 31 – 37

ජේසුස් වහන්සේ දේශනා කරමින් සිටියදී අශුද්ධාමයන් කලබල වෙන අවස්ථාවක් ශු. ලූක් සුබාරංචියේ 4 වන පරිච්චේදයේ 31 සිට 37 දක්වා අපිට දැකගන්න පුළුවන්.

මේ දේ අපිට අපේ ජීවිතයේත් මේ විදිහට නැති උනත් වෙන යම් ආකාරයකට හෝ දැකගත හැකියි. අපි යාච්ඤාව තුල ඉද්දි එක එක විදිහේ පරික්ෂා අපිට එනවා. යක්ෂයා හදන්නෙම අපේ යාච්ඤාව නවත්වන්නයි. හැමදාම යාච්ඤා කරනවා කියල යාච්ඤාව පටන් ගත්තහම කුමන හෝ යක්ෂ පරීක්ෂාවක් එවල දිනපතා යාච්ඤාව නවත්වන්න යක්ෂයා උත්සහ කරනවා.

ඉතින් තීරණය ඔබේ අතේ. යක්ෂයාට අහු වෙලා දිනපතා යාච්ඤාව මග හරිනවද, නැත්නම් පරික්ෂාවට අභියෝග කරමින් දිනපතා යාච්ඤාව දිගටම කරනවාද. හොදට මතක තියා ගන්න දිනපතා යාච්ඤාව ඔබේ ජීවිතය ජේසුට ලං කරයි. ඔබේ ජීවිතය වෙනස් කරයි. යාච්ඤාව කියන්නේ ඔබට ඕනි දේවල් කියන යන එක නෙමේ. මගේ අවශ්‍යතා ජේසුනි ඔබවහන්සේ දන්නා නිසා ඒවා නියමිත මොහොතේ නියමිත ආකාරයෙන් ලබා දෙන්න කියල යැදීමයි.

ශු. ලූක් 4 : 38 – 44

ජේසුගේ ප්‍රාතිහාර්යය දුටු මිනිසුන් බොහොමයක් ජේසු පසු පස්සේ ආවේ තමන්ගේ ආත්මය ගලවා ගැනීමට නොව, තමන්ගේ මේ ලෝකයේ අවශ්‍යතා සපුරා ගන්නයි. අවාසනාවට වර්තමානයේ පවා බොහෝ දෙනා ජේසුව හොයන් යන්නේ මේ ලෝකයේ අවශ්‍යතා සපුරා ගන්නයි.

පළමුව ආත්මය ගලවා ගැනීමට කටයුතු කරන්න. ජේසුස් වහන්සේ කියා දුන් පරිදි ජීවත් වෙන්න උත්සහ කරන්න. අන්න එවිට ජේසු අපිට මේ ලෝකයේ අපිට ජීවත් වෙන්න ඕනි දේවල් පවා ලබා දෙනවා. සමහර විට ඒ අපි හිතන විදිහටම නෙමේ වෙන්න පුළුවන්, ඒත් ඒ අපිට හොදම විදිහටයි. ඒ දේ අපිට දැන් නෙමේ පස්සෙයි තේරෙන්නේ.

ඉතින් ඔබට ජේසු ලබා දී ඇති දේවල් සිහි කරන්න. ඒ තුළ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය වැඩි කර ගන්න. ජේසු කියල දුන්න විදිහට ජීවත් වෙන්න උත්සහ කරන්න. අන්න එවිට අපිට මෙලොව ජීවිතයත් මරණින් පසු අපේ ආත්මයටත් යහපතක් සිදු වේවි.