ජීවිතයට පණිවුඩයක් – ශු. ලූක් සුබ අස්න – පස්වන පරිච්චේදය

ශු. ලූක් 5 : 1 – 11

ජේසුස් වහන්සේ පේදුරු තුමන්ව කැදවීමේ සිද්ධිය තුල අපිට ගොඩක් පණිවුඩ ලබා දෙනවා. ඉන් එකක් තමයි ජේසුස් වහන්ස්ගේ කැමැත්ත ඉටු කිරීම. මුළු රෑම මාළු අල්ලන්න වෙහෙස උනත් බැරි උන පේදුරු ජේසුගේ පණිවුඩය අසා ජේසුට සියල්ල බාර දෙනවා. උන්වහන්සේගේ කැමැත්ත පරිදි කියන දේ කරනවා. ඒ තුළ ජේසුගේ බලය අත් දකිනවා. සමහර වෙලාවට අපි කොතරම් මහන්සි උනත් ඒ දේ ජේසුගේ කැමැත්ත නෙමේනම් අපිට හරි යන්නේ නැහැ. ඒත් අපි ජේසුට සවන් දීල උන්වහන්සේගේ කැමැත්ත කරනවානම් ඒ තුල අපි හිතනවටත් වඩා දේවල් වෙනවා.

කොහොමද ජේසුගේ හඩට සවන් දෙන්නේ. ප්‍රධාන වශයෙන් ශු. බයිබලය කියවීම තුල. ඒ වගේම යාච්ඤාව තුල. ඒ වගේම විවිධ වූ දේශනා තුල. ඒ එක්කම සියල්ල ජේසුට සම්පුර්ණයෙන් බාර දීම තුල. එවිට ජේසු සියල්ල මෙහෙයවනවා. සියලල් ජේසුට බාර දීම තුල ජේසුගේ බලය අත්දකින්න පුළුවන් වෙනවා. මේක තමයි ජේසුගේ බලය අත්දැකීමේ රහස.

ශු. ලූක් 5 : 33 – 39

අපි සැම ජේසුගේ ගොලයෝය. නමුත් ඒ නමට විතරක්ද ? ජේසුගේ සැබෑ ගෝලයෙක් වෙන්න නම් අපි ජේසුව අපි අපේ ජීවිතය තුල අනුගමනය කල යුතුයි. උන්වහන්සේ කියා දුන් පරිදි ජීවත් විය යුතුයි. 

මදක් සිතන්න. ඔබ එසේ ජේසු කියා දුන් පරිදිද ජීවත් වන්නේ. ඔබ හිතයි ඔව් කියල. ඒත් ඇත්තටම එහෙමද ? ඔබ ඔබ සතු දේ අනිත් අය සමග බෙදා ගන්නවාද ? අසරණයින්ට ඇත්තටම උදව් කරනවාද ? ඒ ඔබට කල හැකි උපරිමෙන්ද ? නැතිනම් ඔබ හිත හදා ගන්න පොඩ්ඩක් උදව් කරලා ඉන්නවද ? 

හිතන්න. වෙනස් වෙන්න. මේ තාවකාලික ජීවිතය ජේසු කියා දුන් පරිදි යහපත්ව ගත කරන්න. ඒ තුළ මරණින් පසු සදාතන ජීවිතයට මග විවර කර ගන්න. නැතුව යක්ෂයාගේ ගොදුරක් වෙලා මරණින් පසු සදාකාලික ගින්නට පත් නොවන්න.