ජීවිතයට පණිවුඩයක් – ශු. මාක් සුබ අස්න – හත්වන පරිච්චේදය

ජේසුස් වහන්සේ බිහිරි අයෙකි සුව කිරීමේ සිද්ධියක් මේ ශු. පාඨය තුල අපිට දැකගත හැකියි. එසේ ඔහුව මිනිස්සු එකුතු වෙලා එතනට ගෙනාවට ජේසු තමන්ගේ බලය තුල ඔහුව සුව කලේ ඒ හැමෝම ඉස්ස‍ර නෙමේ, වෙනමම පැත්තකට අරගෙන ගිහින්. මොකක්ද මේකෙන් අපිට දෙන පණිවුඩය

අපි ජේසු තුළ ජීවිතය ගත කරනවානම් අපි කරන යහපත් ක්‍රියා මිනිස්සුන්ට පෙන්න ලෝකයට පෙන්න නෙමේ කරන්න ඕනි. ඔබ යමෙකුට උදව් උපකාර කරනවානම් ඒ හැමෝගෙම ගෞරවය ලබන්න ලෝකයට පෙනෙන්නට නෙමේ කරන්න ඕනි. ඒ වගේම ඔබේ යාච්ඤාව පවා අන් අයට පෙන්න නෙමේ කරන්න ඕනි. අන්න එවිට තමයි ජේසුගේ සැබෑ ආශිර්වාදය ලැබෙන්නේ.

ඉතින් ලොවට පෙන්න ඔබේ යහපත් ක්‍රියා කරන්න උත්සහ නොකරන්න. අන්න එවිට ඔබ කරන යහපත් ක්‍රියා දකින ජේසු ඔබට ආශිර්වාද කරයි.