29 එබැවින් ඔබ කුමක් කන්නේ ද කියා වත්, කුමක් බොන්නේ ද කියා වත් සොයමින් කරදර නොවන්න. 30 මේ සියල්ල ලෝකයේ සියලු ජාතීහු මුළු සිතින් සොයා යති; මේ දේවල් ඔබට අවශ්‍ය බව ඔබේ පියාණන් වහන්සේ දන්නා සේක. 31 එසේ නොව උන් වහන්සේගේ රාජ්‍යය සොයා යන්න, එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ.
32 ”කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක. 33 ඔබ සතුදේ විකුණා දන් දෙන්න; නොදිරන පසුම්බි ද නොපිරිහෙන වස්තු ද ස්වර්ගයෙහි ඔබට සපයාගන්න. එහි දී ඒවාට සොරු ළං නොවෙති, කාවෝ ද නාස්ති නොකරති.